මම දන්න විදියට blogging කියන්නෙ web logging කියන වචන දෙකෙන් කැඩිච්ච වචනයක්. Logging කියන්නෙ එදිනෙදා සිදුවන දෑ කෙටියෙන් හෝ සවිස්තරාතමකව සටහන් තබා ගන්නා ක්රියාදාමය. පොලිස් ලොග් පොත, විදුහල්පති ලොග් පොත, බාලදක්ෂ ලොග් පොත මේ වගේ logging කරන අවසථා කිහිපයක්. අන්තර්ජාලය තුළ මේ විදියට logging කරන කොට ඒක blogging වෙලා. ඉතින් මම මේ blog එක ලියන්නෙ සිතට එන දහසකුත් එකක් සිතිවිලි, ඉඩ ලැබෙන විදියට ගොනු කරල. මෙහි පළවන ඕන ම දෙයක් ගැන මම වගකීම දරනව. සිංහලෙන් වගේ ම කඩ්ඩෙනුත් ඔබත් එක්ක අදහස් බෙදා ගන්න මම කැමතියි...
මගේ ජීවිතේ මට අහන්න දකින්න අත්විඳින්න ලැබෙන දේ ඔබත් එක්ක බෙදා ගන්න මම සූදානම්. මට අලුතින් ඉගෙන ගන්න ලැබෙන දේවල් ඔබටත් කියල දෙන්න මම සූදානම්.
ඉදින් අවසරයි අක්බොගේ බ්ලොග් පිටුවට මේ අකීකරු සිතිවිලි දහර යොමු කරන්නට....